Posts

බුදු රජාණන් වහන්සේ

Image
අප මහා බෝධිසත්වයා නන් වහන්සේ තුසිත දෙව් ලොවින් නික්ම මනා සිහි නුවණින් යුතු ව මව්කුස පිළිසිඳ ගැනීම සිදු විය. දෙවියන් සහිත , මරුන් සහිත , බඹුන් සහිත , මහණ බමුණන් සහිත සත්ත්ව ප්‍රජාවෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම වූ අප්‍රමාණ එළියක් ලොව පහළ විය. යටින් පිහිටත් නැති ඇස් අඳුරු කරන මහත් ගනඳුරු ඇති යම් වූ ලෝ ඇඳිරි නිරයෙක් ඇත්ද ? මේසා මහත් තෙද ඇති හිරු සඳු දෙදෙනාගේ එළියෙන් අඳුර දුරලන්නට නො හැකි වූ දෙවියන්ගේ එළිය ඉක්මවූ වූ අපමණ එළියෙන් පහළ වෙයි. එහි යම්කිසි සත්ත්වයෝ උපන්නේද , මෙම එළියෙන් භවත්නි , මෙහි උපන් තවත් සත්වයෝ ඇතැයි ඔවුනොවුන් හඳුනා ගනිත්. දස දහස් ලෝක ධාතුව සැලෙයි. හාත් පසින් සැලෙයි. වෙසෙසින් සැලෙයි. එතර මේ මහත් ආලෝකයක් ඇතිවෙයි. සම් බුදු උපතේ බල මහිමය , මහානුභාවය මෙම කාරණයෙන් ම වැටහෙයි. දස මසක් දින ඇවෑමෙන් උපන් නොබෝවේලෙහි දෙවියන් සේසත් දරනු ලබත් ම සමපියෙන් පොළොවේ පිහිටා උතුරු දෙසට මුහුණ ලා සත් පියවරක් ඉදිරියටත්, හැම දිසා බලා අභීත සීහ නාදය කරත් , එහි ගම්භීරත්වය මහත් තෙද බල ඇත්තේ වෙයි. සිහිපත් කිරීම මහත් සැනසිල්ලක් ගෙන දෙයි. “ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ඨො හමස්මි ලෝකස්ස සෙට්ටෝ

සූත්‍ර පිටකය

දීඝ නිකාය මජ්ඣිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය බුද්ධක නිකාය